Batkūrā.බත්කූරා............ලොව පුරා වර්ග 5000 කට පමණ අයත් බත් කූරන් හමු වෙනවා. මොවුන්ගේ උපරිම ආයු කාලය මස 4ක් පමණයි. නමුත් ඉතාම පහසුවෙන් කටුස්සන්, ගෙම්බන්, මකුළුවන් හා පක්ෂීන්ට ගොදුරු වීම නිසා බොහෝ විට මොවුනට සිය පරමායුෂ විඳින්නට වෙන්නේ නැහැ. මීට අමතරව විවිධ අහිතකර දේශගුණික තත්ත්ව නිසා සිය කීට අවස්ථාවෙන් මිදීමටත් මොවුනට අපහසු වෙනවා.
බත් කූරන්ට කීට අවස්ථාව සම්පූර්ණ කළ සැනින්ම හොඳින් පියාඹන්නට බැහැ. මේ නිසා පහසුවෙන්ම ඔවුන් විලෝපිකයන්ට ගොදුරු වෙනවා. මීට අමතරව ශීත දේශගුණ අනුවර්තනය වෙන්නටද ඔවුනට අපහසුයි.
Comments
Post a Comment